පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරියේදී , පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට රජය සූදානම් වේ..
පවතින අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරියේදී , පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමට රජය සූදානම් වේ .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ ,ඉදිරියේදී කුමන තත්වයක් යටතේ වුවත් අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දීමට සූදානම් බවයි. ඒ අභියෝගය ජයග්‍රහණය කිරීමට , විදුලිබල අමාත්‍යාංශය සූදානම් බවත් , පැය 24 පූරාවටම කිසිදු ආකාරයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර විදුලිය ලබා දීමට හැකි වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසුවා . ඒ සදහා ජනතාවගේ සහයෝගය අතිශයින්ම වැදගත් බවත් , නිවසේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර විදුලිය 60 % පෞද්ගලික අංශයෙන් මිලදි ගැනීමට සූදානමක් පවතින බවට පැතිර යන කතාවන්හි සත්‍ය අසත්‍ය බවද අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් මෙහිදී විමසා සිටියා .
එයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ , තරගකාරි මිල ක්‍රමයකට මාස කිහිපයක් සදහා විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බවයි . ඉතා අඩු මිලකට විදුලිය ලබා ගත හැකි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර ඇති බවත් , හෙට දවසට පමණක් නොව විදුලි අර්බුධයකට මුහුණ දිය හැකි ලෙස අවුරුදු 50 ක් සදහා සැලසුම් අප ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා .